මැදවච්චිය සහ වාද්දුවේ සිදු වූ රිය අනතුරු දෙකකින් 6 දෙනෙක් මරුට (VIDEO)

මැදවච්චිය සහ වාද්දුවේ සිදු වූ රිය අනතුරු දෙකකින් 6 දෙනෙක් මරුට (VIDEO)

මැදවච්චිය සහ වාද්දුවේ සිදු වූ රිය අනතුරු දෙකකින් 6 දෙනෙක් මරුට (VIDEO)

කර්තෘ Sakila Udayakumara

10 Feb, 2015 | 10:41 am

මැදවච්චිය සහ වාද්දුව පොලිස් බල ප්‍රදේශවල සිදු වූ රිය අනතුරු 2කින් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් තව ත් 16 දෙනෙක් තුවාල ලැබූහ.

මැදවච්චිය, ඉසින්බැස්සගල ප්‍රදේශයේදී ලොරි රථ අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු මිය ගොස් තව ත් 14 දෙනෙක් තුවාල ලබා ඇත. අදාළ ලොරි රථය පාලනය කර ගැනීමට නොහැකිව පෙරළීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.

මේ අතර, බණ්ඩාරගම – කළුතර ප්‍රධාන මාර්ගයේ මොරොන්තුඩුව ප්‍රදේශයේ යතුරු පැදි 2ක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගියහ.

පොලීසිය පැවසුවේ, මොරොන්තුඩුව ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වූ යතුරු පැදියක් බණ්ඩාරගම දෙස සිට කළුතර දෙසට ධාවනය කරන ලද තව ත් යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බව ය.

අනතුරින් මිය ගොස් ඇත්තේ,මොරොන්තුඩුව ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වූ යතුරු පැදියේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනා ය.

49 හා 50 හැවිරිදි එම පුද්ගලයින් දෙදෙනා මොරොන්තුඩුව ප්‍රදේශයේ ම පදිංචිකරුවෝ වෙති.

අනතුර හේතුවෙන් අනෙක් යතුරු පැදිය පැද වූ පුද්ගලයා සහ පසුපස ගමන් ගත් කාන්තාව ද තුවාල ලබා කළුතර රෝහලට ඇතුළත් කර තිබේ.