“රට කෑවෙ මහින්ද මිසක් වෙන කවුරුවත් නෙවෙයි, ඔහුට දඬුවම් දිය යුතු ම යි” – ඇමති චම්පික (VIDEO)

“රට කෑවෙ මහින්ද මිසක් වෙන කවුරුවත් නෙවෙයි, ඔහුට දඬුවම් දිය යුතු ම යි” – ඇමති චම්පික (VIDEO)

කර්තෘ Kumudu Jayawardana

10 Feb, 2015 | 10:31 am

පැවති දූෂිත පාලනයෙහි පළමු වග උත්තරකරු මෙන් ම එක ම වගඋත්තරකරු මහින්ද රාජපක්ෂ මහතා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඇතැමුන් පසුගිය පාලන කාලයෙහි සිදුවූ සියලු වැරදි බැසිල් රාජපක්ෂ මහතා පිට පටවා මහින්ද රාජපක්ෂ මහතා අහිංසකයෙකු කිරීමට උත්සහ දරමින් සිටින බව ය.

මෙරටට කළ හානිය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට අනිවාර්යයෙන් දඬුවම් දිය යුතු බව ද පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේ ය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, දූෂණ විරෝධී ව්‍යාපාරය සංවිධානය කළ රැස්වීමකට එක්වෙමිනි.

මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද ලක්ෂ 58ක් ලබා ගත්තේ, සියලු මාධ්‍ය භාවිත කරමින් රුපියල් බිලියන 250කට වැඩි මුදලක් වැය කිරීමෙන් බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

ඔහු සඳහන් කළේ, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී වියදම් කළ රුපියල් බිලියන 250කට වැඩි මුදලින් 90%ක් ජනතාවට අයත් පොදු දේපොළ බව ය.

ඉතිරි 10% කුඩු, එතනෝල් සහ වෙනත් ජාවාරම්කරුවන් විසින් වියදම් කරනු ලැබූ බව ද අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.