‘මම ඉන්නෙ අගමැතිතුමයි ජනපතිතුමයි එක්ක’ – මර්වින් සිල්වා (VIDEO)

‘මම ඉන්නෙ අගමැතිතුමයි ජනපතිතුමයි එක්ක’ – මර්වින් සිල්වා (VIDEO)

කර්තෘ Sagarika Chathumali

10 Feb, 2015 | 10:26 pm

මීට සති දෙකකට පමණ පෙර  සිදු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවතට පැමිණි අවස්ථාවේ හිටපු අමාත්‍යවරයාට මාධ්‍යවේදීහු ප්‍රශ්න කිහිපියක් යොමු කළහ.

ප්‍රශ්නය :- ඇමතිතුමා ඇතුලෙන් මොකද් ද දීපු උත්තරය ඔබතුමාගේ පරීක්ෂණය ගැන.

මර්වින්:- නෑ. මට කිව්වා දැන් මම දීපු ඒක පරීක්ෂා කරගෙන යනවා. ඉක්මන් කරනවා කියලා.ඒක කිව්වා.

ප්‍රශ්නය :-  සෑහිමකට පත්වෙනව ද? උත්තරය ගැන

මර්වින්:- අපොයි ඔව් 100%ක්.

ප්‍රහ්නය:- අගමැති සඳහා ඉදිරි ඡන්දයේදී මහින්ද රාජපක්ෂ මහතා ද චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද අගමැති සඳහා.

මර්වින්:-  ඒක ඉතිං මම දන්නේ කොහොමද? ඒක අහන්නකෝ පක්ෂයේ ලොක්කගෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා.ඊට එහා මොකක්වත් මම දන්නේ නෑ.

ප්‍රශ්නය:- ඔබතුමා ඉදිරි මැතිවරණයේදී මොන පක්ෂයෙන්ද ඉදිරිපත් වෙන්නේ.

මර්වින් :- ඉතිං මම හැමදාම මේ ශ්‍රි ලංකා කාරයනේ.ඕක අමුතුවෙන් අහන්න දෙයක් ද?

ප්‍රශ්නය :- ඒ කියන්නේ වත්මන් ජනාධිපතිතුමා සමග

මර්වින් :- 100%ක්, ජනාධිපතිතුමයි අගමැතිතුමයි සමග