දුමින්ද සිල්වා රහස් පොලීසියට

දුමින්ද සිල්වා රහස් පොලීසියට

දුමින්ද සිල්වා රහස් පොලීසියට

කර්තෘ Kumudu Jayawardana

10 Feb, 2015 | 12:18 pm

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා පැය 6ක කාලයක් ප්‍රශ්න කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ‘වෙළේ සුදා’ නමැත්තාගේ ප්‍රකාශකයකින් හෙළිවූ තොරතුරු මත මේ ප්‍රකාශ ලබා ගත් බව ය.

මේ අනුව, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් මුදල් ලබා ගැනීම සහ මුදල් විශුද්ධකරණය සම්බන්ධයෙන් මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.