ජෙනරල් සරත් ෆොන්සේකා නිදහස් උළෙල වර්ජනය කළේ ඇයි? (VIDEO)

ජෙනරල් සරත් ෆොන්සේකා නිදහස් උළෙල වර්ජනය කළේ ඇයි? (VIDEO)

කර්තෘ Sagarika Chathumali

10 Feb, 2015 | 9:12 pm

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කර ඇති ඇතැම් පත් කිරීම් සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක, ජෙනරල් සරත් ෆොන්සේකා මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසී ය.

දැනට ජාතික ආරක්ෂව පැත්තෙන් දීපු සමහර පත්වීම් ගැන මම පුද්ගලිකව සෑහිමකට පත්වෙන්නෑ. ඒ කට්ටියට මට තේරිච්ච විදියට තාම වැඩි අවබෝධයක් නැ. ඒ භාරදූර කටයුත්ත ගැන.

මෙවර නිදහස් උළෙලට සහභාගි නොවීම සම්බන්ධයෙන් ද  මාධ්‍යවේදීහු එහිදී ෆොන්සේකා මහතාගෙන් විමසීමක් කළේ ය.

ඔහු එහිදී පැවසුවේ, කාරණා දෙකක් හේතුවෙන් තමන් නිදහස් උළෙලට සහභාගී නොවීමට තීරණය කළ බව ය.