අනාරක්ෂිත ළිං සහ තාප්ප ඉදිකර ඇති පුද්ගලයින්ට පොලීසියෙන් අනතුරු ඇඟවීමක්!

අනාරක්ෂිත ළිං සහ තාප්ප ඉදිකර ඇති පුද්ගලයින්ට පොලීසියෙන් අනතුරු ඇඟවීමක්!

කර්තෘ Sagarika Chathumali

10 Feb, 2015 | 4:21 pm

අනාරක්ෂිත ළිං සහ තාප්ප ඉදිකර ඇති පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ, පසුගිය කාලයේ ළමුන් 4 දෙනෙකු මිය යාමේ සිද්ධිවලට අදාළ කරුණු පදනම්කර ගෙන මෙම තීරණය ගත් බව ය.

දරුවන්ගේ ජිවිත අවදානමට ලක් විය හැකි එවැනි ස්ථාන ඉවත් නොකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.