රිමාන්ඩ් භාරයේ සිටින තිස්ස අත්තනායකට සහනයක්!

රිමාන්ඩ් භාරයේ සිටින තිස්ස අත්තනායකට සහනයක්!

රිමාන්ඩ් භාරයේ සිටින තිස්ස අත්තනායකට සහනයක්!

කර්තෘ Kumudu Jayawardana

05 Feb, 2015 | 12:22 pm

රක්ෂිත බන්ධනාගාරගතව සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවසර දීමට අධිකරණය අද තීරණය කළේ ය.

ඒ, මන්ත්‍රීවරයා වෙනුවෙන් ඔහුගේ නීතීඥයින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ මෝසමක් සලකා බලීමෙන් අනතුරුව ය.

ඒ අනුව, කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේ, බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වීමට අවසර දෙන බව ය.

අද සහ හෙට දිනවලදී තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාට මේ යටතේ පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට හැකියාව පවතී.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]