ජනපති මෛත්‍රිපාලගේ ප්‍රථම විදෙස් නිල සංචාරය ඉන්දියාවට

ජනපති මෛත්‍රිපාලගේ ප්‍රථම විදෙස් නිල සංචාරය ඉන්දියාවට

ජනපති මෛත්‍රිපාලගේ ප්‍රථම විදෙස් නිල සංචාරය ඉන්දියාවට

කර්තෘ Chathuranga Rajapaksha

05 Feb, 2015 | 6:08 pm

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබන 15 වන දා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු නිරතවන ප්‍රථම විදෙස් නිල සංචාරය මෙයයි.

ලබන 15 වන දා සිට 18 වන දා දක්වා ඉන්දියාවේ රැඳී සිටින ජනාධිපතිවරයා ඉන්දිය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඊට අමතරව ඉන්දිය දේශපාලන පක්ෂ නායකයින් සහ අනෙකුත් ප්‍රභූවරුන් කිහිප දෙනෙකු ද ජනාධිපතිවරයා එහිදී මුණ ගැසීමට නියමිත ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බුද්ධගයා විහාරස්ථානය සහ තිරුපති කෝවිලේ ආගමික වතාවත් සඳහා ද සහභාගීවනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]