JUST IN: පොලීසියට එරෙහිව තලවකැලේදී දුම්රිය මාර්ගය අවහිර කර සිටින විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

කර්තෘ Sagarika Chathumali

01 Feb, 2015 | 3:18 pm

තලවකැලේ ප්‍රදේශයේදි උඩරට දුම්රිය මාර්ගය අවහිර කරමින් රැඳි සිටි පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය  කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

අප වාර්තාකරු පැවසුවේ එහිදී රැස්ව සිටි පිරිස ද පොලීසිය දෙසට ගල්මුල් ප්‍රහාර එල්ල කළ බව ය.

මේ වනවිට දුම්රිය මාර්ගය අවහිර කළ පිරිස එම ස්ථානයෙන් ඉවත් වී ඇතැයි ද අප වාර්තාකරු සඳහන් කළේය.

පොලීසිය ලුහුබැඳ එන විට සැකකරුවකු ඉහළ කොත්මලේ ජලාශයට පැන අතුරුදන් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් එම නොසන්සුන් තත්ත්වය උද්ගත විය.