වරායෙන් කොලොන්නාවට ඉන්ධන රැගෙන යන නළයක ඉන්ධන කාන්දුවක් (VIDEO)

වරායෙන් කොලොන්නාවට ඉන්ධන රැගෙන යන නළයක ඉන්ධන කාන්දුවක් (VIDEO)

කර්තෘ Sagarika Chathumali

01 Feb, 2015 | 11:51 am

කොළඹ වරායේ සිට කොලොන්නාව දක්වා ඉන්ධන රැගෙන යන නළයක කාන්දුවක් හටගෙන තිබේ.

ලංකා කණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා සඳහන් කළේ, ඔරුඩෙවත්ත කම්බි කොටුවවත්ත ප්‍රදේශයේදී මෙම කාන්දුව හටගෙන ඇති බව ය.

ඉන් කාන්දු වූ තෙල් තොග බවුසර් යොදා ගෙන මේ වනවිට එක්රැස් කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

එම කාන්දුව හටගෙන ඇත්තේ, අදාළ නළය ඔස්සේ ගුවන් යානා ඉන්ධන වර්ගයක්  ප්‍රවාහනය කරමින් තිබූ අවස්ථාවකදී ය.

නළය පිළිසරක කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සභාපතිවරයා සඳහන් කළේ ය.