අයි.එස්. සටන්කාමීහු සිය භාරයේ සිටි තව ත් ප්‍රාණඇපකරුවෙකුගේ ගෙල සිඳ දමති

අයි.එස්. සටන්කාමීහු සිය භාරයේ සිටි තව ත් ප්‍රාණඇපකරුවෙකුගේ ගෙල සිඳ දමති

අයි.එස්. සටන්කාමීහු සිය භාරයේ සිටි තව ත් ප්‍රාණඇපකරුවෙකුගේ ගෙල සිඳ දමති

කර්තෘ Sagarika Chathumali

01 Feb, 2015 | 6:57 am

අයි.එස්. සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටි අනෙක් ජපන් ජාතික ප්‍රාණඇපකරු ද ඝාතනය කර තිබේ.

විදෙස් මාධ්‍ය  වාර්තා කළේ, කෙන්ජි ගොතෝ නම් එම ජපන් ජාතිකයා ගෙල සිඳ ඝාතනය කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සටන්කාමීන් අන්තර්ජාලයට නිකුත් කර ඇති බව ය.

අයි. එස්. සටන්කාමීන් තමන් භාරයේ සිටි පළමු ජපන් ජාතිකයා ඝාතනය කර සතියකට පසු මෙලෙස දෙවන ප්‍රාණඇපකරු ද ඝාතනය කර තිබේ.

පෞද්ගලික හමුදා කොන්ත්‍රාත් ආයතනයක් පිහිටුවීම සඳහා සිරියාව ගොස් සිටි හරුනා යකුවා පසුගිය අගෝස්තු මාසයේදී සටන්කාමීන්ගේ ග්‍රහණයට හසු වූ අතර ඔහු ඒ වන විට 42 වන වියේ පසු විය.

නිදහස් මාධ්‍ය වේදියෙකු හා චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන 47 හැවිරිදි කෙන්ජි ගොතෝ පසුගිය ඔක්තෝබර් මාසයේ සිරියාවට ගොස් ඇත්තේ, අයි.එස්. සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටි හරුන යකුවා මුදා ගැනීම සඳහා ය.

ජපන් රජය නිවේදනය කළේ, කෙන්ජි ගොතෝ ගේ ඝාතනය දැකවෙන වීඩියෝ පටයේ නිරවද්‍යතාවය තහවුරු කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ය.

එම ඝාතනය ජපන් රජය දැඩිව හෙලා දැක ඇති අතර රජයේ ප්‍රකාශක යොෂිහිඩේ සුගා සඳහන් කළේ, ඊට දක්වන ප්‍රතිචාරය පිළිබඳව සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය ද රැස්වීමට නියමිත බව ය.

ජාත්‍යන්තර ප්‍රජාව හා එක්ව කෙන්ජි ගොතෝගේ ඝානයට වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ පැවසී ය.

අයි.එස්. සටන්කාමින්ගේ භාරයේ සිට ඝාතනය කරන ලද එම ජපන් ජාතිකයින් දෙදෙනා නිදහස් කිරීම සඳහා මීට පෙර සටන්කාමීන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක වන්දි මුදලක් ඉල්ලා සිටියේ ය.

Japan6_hostages_650_AP

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]