Bestweb 2018
Bestweb 2018

බදුල්ල – මහියංගනය මාර්ගයට පස් කඳු කඩා වැටීමෙන් ගමනා ගමනයට බාධා

බදුල්ල – මහියංගනය මාර්ගයට පස් කඳු කඩා වැටීමෙන් ගමනා ගමනයට බාධා

By Sakila Udayakumara

05 Feb, 2015 | 2:32 pm

බදුල්ල – මහියංගනය මාර්ගයේ ස්ථාන කිහිපයකින් පස් කඳු කඩා වැටීම හේතුවෙන් ගමනා ගමන කටයුතුවලට තවදුරටත් බාධා මතුව තබේ.

අප වාර්තාකරු පැවසුවේ, දුන්හිඳ සිට අටේ කණුව දක්වා වන මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මංතීරුවකට පමණක් සීමා වී ඇති බව ය.

මේ අතර බිබිල – බදුල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක ද නාය යාමේ අවදානම තවදුරටත් පවතින බව අප වාර්තාකරු පවසයි.

බිබිල – බදුල්ල මාර්ග‍යේ ඊයේ නාය යෑමකට ලක් වූ ප්‍රදේශවල මාර්ගය යථා තත්ත්වයට පත්කර තිබේ.

මේ අතර බිබිල – බදුල්ල මාර්ගයේ 32 ප්‍රදේශයට ගස් කඩා වැටීම හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ල වූ අතර අප වාර්තාකරු පැවසුවේ, මේ වන විට එම මාර්ගය ගමනා ගමනයට සුදුසු පරිදි සකස් කර ඇති බව ය.