Bestweb 2018
Bestweb 2018

අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරියක් : හිටපු අධ්‍යක්ෂ ජනරාල්ට මාරු වීමක් (VIDEO)

අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරියක් : හිටපු අධ්‍යක්ෂ ජනරාල්ට මාරු වීමක් (VIDEO)

By Sakila Udayakumara

05 Feb, 2015 | 10:14 am

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය පත් කර තිබේ.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ය.

හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණ අමාත්‍යංශයට මාරු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම පසුගිය කාලයේ කටයුතු කළ ආකාරය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි වීම හේතුවෙන් එම ස්ථාන මාරුවීම් කළ බව විජේදාස රාජපක්ෂ මහතා පැවසී ය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් ගෙන තිබූ ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බව ය.