තඹුත්තේගමදී පොලිස් නිලධාරියාගේ ගිනිඅවිය පැහැරගත් සැකකරුගේ නිවසට ගිනි (VIDEO)

තඹුත්තේගමදී පොලිස් නිලධාරියාගේ ගිනිඅවිය පැහැරගත් සැකකරුගේ නිවසට ගිනි (VIDEO)

කර්තෘ Sagarika Chathumali

31 Jan, 2015 | 7:30 pm

තඹුත්තේගමදී පොලිස් සැරයන්වරයෙකු ඇතුළු තවත් නිලධාරියෙකුට පහර දී රිවෝල්වරයක් පැහැර ගත් සැකකරුගේ නිවසට කිසියම් පිරිසක් ගිනි තබා තිබේ.

පසුගිය දා බහින්බස් වීමකින් පසු පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය පැහැරගත් සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් අත්අඩංගුවට ගැනිණ.

අද අලුයම ගිනි තබා ඇත්තේ, සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තෙක් සැඟව සිටි සැකකරුගේ නිවසටයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව ය.