English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
31 Jan, 2015 | 11:51 am
කටාර් රාජ්‍යයේ දෝහාහි සිදු වූ රිය අනතුරෙන් තුවාල ලැබූවන් අතර පසුගිය දා හෝකන්දර ප්‍රදේශයට කඩා වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් යානය මෙහෙය වූ ගුවන් නියමුවාගේ බිරිඳ ද සිටින බව වාර්තා වේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසුවේ, අනතුරෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක ජීවිතක්ෂයට පත් ව තවත් තිදෙනෙක් තුවාල ලබා ඇති බව ය.
මිය ගිය ගුවන් නියමුවාගේ බිරිඳ හා තවත් ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයෙක් දෝහාහි රෝහලකට ඇතුළත් කර තිබේ.
තුවාල ලැබූ අනෙක් සේවකයා ඊයේ රාත්‍රීයේ ම යළි දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.
ගුවන් ගමන අවසානයේ විවේකීව සිටි ගුවන් කාර්ය මණ්ඩලය ඊයේ දෝහා හි කාන්තාර ප්‍රදේශයක චාරිකාවක නිරතව සිටියදී ඔවුන් ගමන් ගත් වාහනය මෙලෙස අනතුරට ලක්ව තිබේ.
මිය ගිය ගුවන් සේවිකාව රද්දොලුගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඇය ඇතුළු පිරිස ඊයේ රාත්‍රීයේ යළි දෝහා සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය බව ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම පැවසී ය.
පසුගිය දෙසැම්බර් මාසයේ හෝකන්දර ප්‍රදේශයේදී සිදු වූ ගුවන් අනතුරෙන් යානයෙහි ප්‍රධාන නියමුවා වූ ස්කොඩ්රන් ලීඩර් වසන්ත අබේවර්ධන ඇතුළු 5 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
photo courtesy – Facebook
05 Sep, 2018 | 02:38 PM
14 Nov, 2017 | 07:18 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS