JUST IN: වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති පන්නා දමා උප සභාපති බලය අල්ලයි (VIDEO)

JUST IN: වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති පන්නා දමා උප සභාපති බලය අල්ලයි (VIDEO)

කර්තෘ Kumudu Jayawardana

30 Jan, 2015 | 11:54 am

වත්තල ප්‍රාදේශීය සභාව අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදී නොසන්සුන් තත්ත්වයක් ඇති විය.

ඒ, එහි සභාපතිවරයාට මූලාසනයෙන් ඉවත් වන ලෙසට බල කරමින් තව ත් මන්ත්‍රීවරුන් පිරිසක් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙනි.

පසුව, විරෝධතාවයේ නිරත වූ මන්ත්‍රීවරුන් පිරිස බලහත්කාරයෙන් සභාපතිවරයා එම ස්ථානයෙන් ඉවත් කළහ.

අප වාර්තාකරු සඳහන් කළේ, පසුව උප සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාසික රැස්වීම පැවැත්වූ බව ය.

වත්තල ප්‍රාදේශීය සභාවේ බලය හිමිව පැවතියේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයට ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]