JUST IN: පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්: සභාව යළිත් කල් තැබේ

JUST IN: පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්: සභාව යළිත් කල් තැබේ

කර්තෘ Sagarika Chathumali

30 Jan, 2015 | 4:00 pm

පාර්ලිමේන්තුවේ කටයුතු යළි ත් විනාඩි 10කට කල් තබා තිබේ.

අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ, සභාව තුළ හටගත් නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව කල් තැබූ බව ය.

මේ අතර අද පස්වරු 2.30ට පමණ ද පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 20ක කාලයකට කල් තැබී ය.

ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරු ලෙස ශිරාණි බණ්ඩාරනායක මහත්මිය යළි වැඩ ඇරඹීම පිළිබඳව පැහැදිලි කරමින් ඉදිරිපත් කළ ප්‍රකාශයෙන් අනතුරුව ය.