තරුණයින් දෙදෙනකුට මරු කැඳ වූ හොරණ රිය අනතුර (VIDEO)

තරුණයින් දෙදෙනකුට මරු කැඳ වූ හොරණ රිය අනතුර (VIDEO)

කර්තෘ Sagarika Chathumali

30 Jan, 2015 | 3:23 pm

ගත වූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු හතරකින් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් තවත් 38 දෙනෙක් තුවාල ලැබූහ.

හොරණ, තල්ගහවිල, මුනගම ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 11.30 පමණ යතුරු පැදිය ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

පොලීසිය පැවසුවේ, යතුරු පැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව ලොරි රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය.

යතුරුපැදියේ ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනා අනතුරින් බරපතළ තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් ව ඇත.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, හොරණ කනංවිල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි දුල්ෂාන් වල්පිට නමැති ‍හොරණ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයෙකු සහ පියුමාල් මදුශංඛ නමැති හොරණ කුඩාඋඩුව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරියේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබේ.