හිටපු ජනාධිපති භාවිත කළ තව ත් වාහන 65ක් සෙවීමට CID පරීක්ෂණ

හිටපු ජනාධිපති භාවිත කළ තව ත් වාහන 65ක් සෙවීමට CID පරීක්ෂණ

කර්තෘ Kumudu Jayawardana

30 Jan, 2015 | 2:21 pm

ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබූ තව ත් වාහන 65ක් සොයා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, ඒ සඳහා පොලිස් කණ්ඩායමක් යොදව ඇති බව ය.

යම් පුද්ගලයෙකු එවැනි වාහනයක් තමන් සන්තකයේ තබාගෙන සිටියදී හසු වුවහොත් අධිකරණ ක්‍රියාවලිය අවසන් වන තෙක් ඇප නොලබන බව ද ඔහු සඳහන් කළේ ය.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත්ව වාහන 749ක් තිබී ඇති අතර ඉන් වැඩි සංඛ්‍යාවක් සොයා ගැනුණේ, ස්ථාන කිහිපයක රඳවා තිබියදී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]