හිටපු ඇමති සී.බී. රත්නායක ගහපු ගැහිලි ගැන හෙළිදරව්වක් (VIDEO)

හිටපු ඇමති සී.බී. රත්නායක ගහපු ගැහිලි ගැන හෙළිදරව්වක් (VIDEO)

කර්තෘ Kumudu Jayawardana

30 Jan, 2015 | 11:21 am

හිටපු පෞද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී.බී. රත්නායක මහතා හිටපු ජනපතිවරයාගේ පාලන සමයේ උපයා ගත් වත්කම් පිළිබඳ ලැයිස්තුවක් වලපනේ ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් සමරහේවා මහතා එම සභාවට ඉදිරිපත් කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, හිටපු අමාත්‍ය සී.බී. රත්නායක මහතා කොළඹ ප්‍රදේශ රැසක නිවාස සහ ඉඩම් මිලදී ගෙන ඇති බව ය.

ඒ පිළිබඳව තමන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව ද වලපනේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අවධාරණය කළේ ය.