පෙබරවාරි පළමු වන දා සිට ත්‍රිරෝද රථ ගාස්තු පහළට

පෙබරවාරි පළමු වන දා සිට ත්‍රිරෝද රථ ගාස්තු පහළට

කර්තෘ Sagarika Chathumali

30 Jan, 2015 | 4:33 pm

ත්‍රිරෝද රථ ගාස්තු 10%කින් පහත දැමීමට ත්‍රිරෝද රථ සංගම් එකඟ වූ බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

ඔහු පැවසුවේ, එම සංගම් නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම එකඟතාවට පැමිණි බව ය.

අදාළ ගාස්තු සංශෝධනය පෙබරවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වනු ඇති.