පාර්ලිමේන්තුව උණුසුම් කළ අගමැතිගේ විශේෂ ප්‍රකාශය

පාර්ලිමේන්තුව උණුසුම් කළ අගමැතිගේ විශේෂ ප්‍රකාශය

පාර්ලිමේන්තුව උණුසුම් කළ අගමැතිගේ විශේෂ ප්‍රකාශය

කර්තෘ Kumudu Jayawardana

30 Jan, 2015 | 3:36 pm

අගවිනිසුරු ධුරය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳව අද දිනයේ විශේෂ ප්‍රකාශයක් කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

ඒ අනුව, ඔහු අද දිනයේ එම විශේෂ ප්‍රකාශය ඉදිරිපත් කළේ ය.

මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ධුරයේ කටයුතු කරද්දී ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය යළි එම ධුරයේ වැඩ ඇරඹීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා එහිදී කරුණු දැක්වීය.

ඔහු සඳහන් කළේ, ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයේ වැඩ අරඹනු ලැබුවේ නීත්‍යනුකූලව පසුගිය රජය විසින් ඇය ධුරයෙන් පහ කරනු නොලැබ සිටි හෙයින් බව ය.

ඇය ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන ඉල්ලීමක් ඇතුළත් යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත වී නොමැති බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

ඇයට අදාළ චෝදනාවලට වරදකාරිය වුවහොත් ඊට දඬුවම් දිය යුතු බව පමණක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් අදාළ යෝජනාවෙහි ඇතුළත් වන බවට තමන්ට ජ්‍යෙෂ්ඨ නීතීඥයින් පෙන්වා දුන් බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

එහෙයින්, ශිරාණි බණ්ඩාරනායක මහත්මිය නිත්‍යනුකූලව ධුරයෙන් පහ කර නොතිබූ බව ත්, ඒ අනුව, අගවිනිසුරු ධුරය පුරප්පාඩු නොවී මොහාන් පීරිස් මහතා ත් එම ධුරයට පත් කිරීම නීතියට පටහැනි බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.

ඊට අමතරව, ජනාධිපතිවරණය පැවති දිනට පසු දින අලුයම එක් ජනාධිපති අපේක්ෂකයෙකු සමග සිටීම පිළිබඳව ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කරුණු දැක්වීය.

මෙම චෝදනා සම්බන්ධයෙන් සංහිඳියාවක් ඇති කර ගැනීමට වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍යවරයා වශයෙන් තමන් ද මොහාන් පීරිස් මහතාට ආරාධනා කළ ද ඔහු ඊට නිසි ප්‍රතිචාර නොදැක්වූ බව ද එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ය.

අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, මෙම තත්ත්වය මත නීතීඥවරුන් ඇතුළු පාර්ශව රැසකගේ විරෝධය මොහාන් පීරිස් මහතාට එරෙහිව ගොඩ නැගෙමින් පැවති බව ය.

එම කරුණු මත නීතීඥයින් සහ අගවිනිසුරු අතර ගැටුමක් ඇති වීම වැළැක්වීම සඳහා ශිරාණි බණ්ඩාරනායක මහත්මියට යළි වැඩ ඇරඹීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවස්ථාව සැලසූ බව ඔහු පැවසීය.

මෙම ප්‍රකාශය අතරතුර පාර්ලිමේන්තු සභා ගර්භයේ දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]