රජය දුන් සහන ජනතාවට ලැබෙනේ දැයි සෙවීමට කමිටුවක් (VIDEO)

රජය දුන් සහන ජනතාවට ලැබෙනේ දැයි සෙවීමට කමිටුවක් (VIDEO)

කර්තෘ Sagarika Chathumali

30 Jan, 2015 | 9:36 pm

අතුරු අයවැයෙන් අඩු කළ භාණ්ඩවල මිල සහන ජනතාවට ලැබෙන්නේ දැයි සොයා බැලීමට පාරිභෝගික අධිකාරීය විමර්ශන කමිටුවක් ක්‍රියාත්මක කර තිබේ.

මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කේෂ්ත්‍ර නිලධාරීන්ගේ සහය ද ලබාගැනීමට නියමිතව ඇත.

ඊයේ ඉදිරිපත් කෙරුණු අතුරු අයවැයෙන් ගෑස්, භූමි තෙල් සහ කිරිපිටි, පාන්පිටි, සීනී, ටින් මාළු, මුංඇට, උඳු, හාල්මැස්සන්,කොත්තමල්ලි, කහ, උම්බලකඩ යන ආහාර ද්‍රව්‍යවල මිල වහා ම ක‍්‍රියාත්මක වන පරිදි අඩු කෙරිණ.

මෙම සහනය ක්ෂණිකව පාරිභෝගියන්ට ළඟා වන්නේ දැයි නිරන්තර විමර්ශනයක් සිදු කරන බව පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජේ එම් ඒ ඩග්ලස් මහතා පවසයි.

අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සහ තොග වෙළෙඳුන්ගේ සංගමය ප්‍රකාශ කළේ, තොග මිල ගණන් අද සිට පහත දැමීමට පියවර ගත්  බව ය.

එහෙත් එම භාණ්ඩවල සිල්ලර මිල ගණන් ක්ෂණිකව පහළ දැමීමේ ගැටලුවක් පවතින බව අප කළ සොයා බැලීම්වලදී හෙළි විය.

මේ අතර සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පාන්පිටි මිල සංශෝධනයට සමගාමීව පාන් මිල රුපියල් 6 කින් අඩු කර තිබේ.

ඉන්ධන මිල සංශෝධනයේ ප්‍රතිලාභ ද සියලු ස්ථර වෙත ලබාදීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව පාසල් වෑන් රථ සහ ත්‍රිරෝද රථ ගාස්තු අඩුකිරීමට තීරණය කළ බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]