හිටපු ජනපතිගේ පාවිච්චියට වෙන් කරගෙන තිබූ තවත් වාහන තොගයක් පිටකෝට්ටෙන් මතුවෙයි

හිටපු ජනපතිගේ පාවිච්චියට වෙන් කරගෙන තිබූ තවත් වාහන තොගයක් පිටකෝට්ටෙන් මතුවෙයි

හිටපු ජනපතිගේ පාවිච්චියට වෙන් කරගෙන තිබූ තවත් වාහන තොගයක් පිටකෝට්ටෙන් මතුවෙයි

කර්තෘ Kumudu Jayawardana

23 Jan, 2015 | 10:22 am

(ඡායාරූපයේ දැක්වෙන්නේ, ඊයේ ජනාධිපති මාවතේ වාහන අංගනයක තිබී සොයා ගැනුණු වාහනවලින් කිහිපයකි)

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත්ව තිබූ බව කියන වාහන 53ක් පිටකෝට්ටේ ප්‍රදේශයෙන් සොයා ගෙන තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, සැක කටයුතු වාහන අංගනයක් ඇති බවට ලද තොරතුරකට අනුව මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් කළ පරීක්ෂා කිරීමකදී අදාළ වාහන සොයා ගත් බව ය.

පිටකෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර විවිධ සේවා සමූපකාරයට අයත් ඒ ආසන්න ඉඩමක ගාල් කර තිබියදී එම වාහන සොයා ගෙන තිබේ.

එහි තිබී විවිධ වර්ගවලට අයත් වාහන 53ක් සොයා ගෙන ඇති අතර වාහන අංගනයේ ආරක්ෂාවට සිටි පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමේදී එම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් බවට දැනුම් දී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

වාහන අංගනය වැලිකඩ පොලිස් බල ප්‍රදේශයේ පිහිටා ඇති අතර දැනට ඊට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.

මේ අතර, ඊයේ ජනාධිපති මාවතේ වාහන අංගනයක තිබී විවිධ රථවාහන 1600ක් පමණ සොයා ගැනිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]