සෞදි අරාබියේ නායකයා අභාවප්‍රාප්ත වේ

සෞදි අරාබියේ නායකයා අභාවප්‍රාප්ත වේ

සෞදි අරාබියේ නායකයා අභාවප්‍රාප්ත වේ

කර්තෘ Sakila Udayakumara

23 Jan, 2015 | 2:43 pm

සෞදි අරාබියේ අබ්දුල්ලාහ් බින් අබ්දුල්අසීස් රජු අභාවප්‍රාප්ත වූ බව එරට රාජ්‍ය රූපවාහිනිය අද නිවේදනය කළේ ය.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි සෞදි රජු මිය යන විට වයස අවුරුදු 90කි.

අබ්දුල්ලාහ් බින් අබ්දුල්අසීස් රජුගේ අභාවයෙන් පසු ඔහුගේ සහෝදරයා වන සල්මාන් කුමරු සෞදි රජු ලෙස පත් කර තිබේ.

පෙනහළු ආසාදනයක් හේතුවෙන් අබ්දුල්ලාහ් රජු සති ගණනාවක් රෝහලගතව ප්‍රතිකාර ලැබුවේ ය.

අබ්දුල්ලාහ් රජු සෞදි රාජත්වයට පත් වූයේ, 2005 වසරේදී ය.

ඒ, ඔහුගේ අර්ධ සොහොයුරෙකු වූ ෆාඩ් රජුගේ අභාවයෙන් අනතුරුව ය.

පසුගිය කාල සීමාව තුළ අබ්දුල්ලාහ් රජුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරීම හේතුවෙන් ඔහුගේ සහෝදරයා වූ 79 හැවිරිදි සල්මාන් කුමරුට රාජ්‍ය ධුරයේ වගකීම් පැවරිණි.

අබ්දුල්ලාහ් රජුගේ අභාවයෙන් පසු සල්මාන් කුමුරු නව රජු ලෙස පත්කර ඇති අතර ඔහුගේ අර්ධ සහෝදරයෙකු වූ මුක්රීන් කුමරු ඔටුන්න හිමි කුමරු ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.