විශ්‍රාමිකයින්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකතන අංක 5ක්

විශ්‍රාමිකයින්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකතන අංක 5ක්

විශ්‍රාමිකයින්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකතන අංක 5ක්

කර්තෘ Sakila Udayakumara

23 Jan, 2015 | 3:51 pm

විශ්‍රාමිකයින්ගේ ගැටලු ඉදිරිපත් කිරීම සඳහා නව දුරකතන ඇමතුම් මාර්ග 5ක් හඳුන්වා දී ඇති බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරන එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රජයේ ක්‍රියාත්මක දින සියයේ වැඩසටහන යටතේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් කඩිනම් සේවාවක් සැපයීම එහි අරමුණ බව ය.

විශ්‍රාම වැටුප් ලියාපදිංචි වීම හා මාසික විශ්‍රාම වැටුප් ගෙවීම් සම්බන්ධ ගැටළු විසඳීම සඳහා 011 5 927 104 යන දුරකතන අංකයට දැනුම් දිය හැකි ය.

හිඟ වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් පාරිතෝෂිත ගෙවීම හා වැන්දඹු අනතුරු දායක මුදල් ආපසු ලබා ගැනීම සම්බන්ධ ගැටලු සඳහා 011 5 927 105 හා 011 5 927 106 යන දුරකතනවලට ඇමතිය යුතු වේ.

වැන්දඹු අනතුරු ලියාපදිංචි වීම, වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් හා ආබාධිත විශ්‍රාම වැටුප් හා ආබාධිත විශ්‍රාම වැටුප් විසඳීම සඳහා 011 5 920 118 සහ 011 5 920 403 යන දුරකතන අංකවලට ඇමතිය හැකියි.