වැලිකඩ රැඳවියන් ඝාතනය සම්බන්ධයෙන් සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

වැලිකඩ රැඳවියන් ඝාතනය සම්බන්ධයෙන් සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

වැලිකඩ රැඳවියන් ඝාතනය සම්බන්ධයෙන් සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

කර්තෘ Sakila Udayakumara

23 Jan, 2015 | 5:06 pm

වැලිකඩ බන්ධනාගාරයේදී 2012 වසරේ නොවැම්බර් මස 9 වන දින සිදු වූ ඝාතන සම්බන්ධයෙන් වගකිව යුත්තන් හඳුනා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යවරයා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

විශ්‍රාමලත් අධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට විශ්‍රාමලත් නියෝජ්‍ය
පොලිස්පති අශෝක විජේතිලක සහ විශ්‍රාමලත් පරිපාලන නිලධාරී නීතීඥ එස්.කේ. ලියනගේ යන මහත්වරුන් ඇතුළත්
වෙති.

වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ අදාළ සිද්ධියෙන් මිය ගිය පුද්ගලයින්ගේ ඥාතීන් මෙන් ම වින්දිතයින් බවට පත් වූවන්ට
සාධාරණයක් ඉටු කරන ලෙස කරන ලද ඉල්ලීම සැලකිල්ලට ගනිමින් අධිකරණ අමාත්‍යවරයා මෙම පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් එවක ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබුවත් එහි වාර්තාව සලකා බැලීමේදී සිද්ධියට වගකිව යුත්තන්
හෙළිදරව් නොවන ආකාරයට එය සකස් කර තිබූ බව අමාත්‍යවරයාගේ ස්ථාවරය වේ.

2012 නොවැම්බර් මස 9 වන දින වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ
අතර තව ත් 20 දෙනෙකු සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කිහිප දෙනෙකු ද තුවාල ලැබූහ.

ඊට අමතරව වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ තිබූ රජයේ දේපලවලට ද එහිදී දැඩි හානි සිදුවිණි.