ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ පරීක්ෂණ රහස් පොලීසිය භාරයට

ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ පරීක්ෂණ රහස් පොලීසිය භාරයට

ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ පරීක්ෂණ රහස් පොලීසිය භාරයට

කර්තෘ Chathuranga Rajapaksha

23 Jan, 2015 | 5:53 pm

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ අද සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා නියෝග කළේය.

මේ දක්වා එම පරීක්ෂණ භාරව ක්‍රියා කළේ, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයයි.

නඩුව කැඳවූ අවස්ථාවේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ හිමිකම් වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරුන් මේ පිළිබඳව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළේය.

කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සිදුකළ පරීක්ෂණයන්හී වාර්තා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]