පාවෙන අවි ගබඩාව අයත් සමාගමේ සභාපතිට රටින් පිටවීම තහනම්!

පාවෙන අවි ගබඩාව අයත් සමාගමේ සභාපතිට රටින් පිටවීම තහනම්!

පාවෙන අවි ගබඩාව අයත් සමාගමේ සභාපතිට රටින් පිටවීම තහනම්!

කර්තෘ Chathuranga Rajapaksha

23 Jan, 2015 | 5:10 pm

ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව අයත් ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයාගේ ගමන් බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙස අධිකරණය අද ආගමන විගමන පාලකවරයාට නියෝග කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා එම නියෝගය කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සළකා බලමින්ය.

ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් තව දුරට ත් පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය බව ත්, අදාළ සමාගමේ සභාපතිවරයා රටින් පිටව ගියහොත් පරීක්ෂණවලට බාධා විය හැකි බව ත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේය.

Galle Port 1