ඉන්දියාවේ සහ මෙරට ශුභසාධන කඳවුරුවල සිටින සරණාගතයින් නැවත පදිංචි කිරීම දින 100 වැඩපිළිවෙළ යටතේ

ඉන්දියාවේ සහ මෙරට ශුභසාධන කඳවුරුවල සිටින සරණාගතයින් නැවත පදිංචි කිරීම දින 100 වැඩපිළිවෙළ යටතේ

ඉන්දියාවේ සහ මෙරට ශුභසාධන කඳවුරුවල සිටින සරණාගතයින් නැවත පදිංචි කිරීම දින 100 වැඩපිළිවෙළ යටතේ

කර්තෘ Sakila Udayakumara

23 Jan, 2015 | 9:21 am

සරණාගතයින් ලෙස ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් හා මෙරට ශුභසාධන කඳවුරු හා ඥාතීන්ගේ නිවෙස්වල රැඳී සිටින පිරිස් නැවත පදිංචි කිරීම දින සියයේ වැඩපිළිවෙළ යටතේ සිදු කරන බව නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ, මේ වන විට ඉන්දියාවේ සරණාගත කඳවුරුවල ශ්‍රී ලාංකිකයින් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ද මෙරට ශුභසාධන මධ්‍යස්ථානවල 26000 කට අධික පිරිසක් ද දිවි ගෙවන බව ය.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන අයුරින් නැවත පදිංචි කිරීමේ කටයුතු සිදු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයේ මෙරට නියොජිත ගෝලම් අබ්බාස් ප්‍රමුඛ නියොජිත පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]