මෙය මුදල්ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි

BMICH අවි ගබඩාවේ අවි ආයුධ අතුරුදන්! (VIDEO)

BMICH අවි ගබඩාවේ අවි ආයුධ අතුරුදන්! (VIDEO)

කර්තෘ Kumudu Jayawardana

20 Jan, 2015 | 4:24 pm

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තිබී සොයා ගත් අවි ගබඩාවේ තිබූ අවි ආයුධ පිළිබඳ විස්තරයක් පොලීසිය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබේ.

පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එම ගබඩාවෙහි ගිනි අවි 3473ක් තබා ගැනීම සඳහා එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය අවසර දී ඇති බව ය.

එසේ අවසර ලත් අවි ආයුධ ලේඛනය පහත දැක්වේ.

T – 56 = 2300
84 – S = 670
LMG = 385
MPMG = 10
SLR = 11
පිස්තෝල = 08
බෝර 12 රිපීටර් = 79
ෂොට් ගන් = 10
එකතුව = 3473

කෙසේ වෙතත්, එම අවි ගබඩාව පරීක්ෂා කරන අවස්ථාවේ එහි තිබී ඇත්තේ, අවි 151 පමණි.

අවි ගබඩාව පරීක්ෂා කළ අවස්ථාවේ එහි තිබූ අවි ආයුධ සංඛ්‍යාව:

T – 56 = 44
84 – S = 35
LMG = 32
MPMG = 1
SLR = 00
පිස්තෝල = 00
බෝර 12 රිපීටර් = 29
ෂොට් ගන් = 10
එකතුව = 151

ඒ අනුව, එම අවි ගබඩාවෙහි අවි ආයුධ 3322කට සිදුවූයේ කුමක් ද යන්න අනාවරණය වී නොමැත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]