BMICH අවි ගබඩාවෙන් අතුරුදන් ගිනිඅවි 3322 ගැන විශේෂ පරීක්ෂණයක්

BMICH අවි ගබඩාවෙන් අතුරුදන් ගිනිඅවි 3322 ගැන විශේෂ පරීක්ෂණයක්

BMICH අවි ගබඩාවෙන් අතුරුදන් ගිනිඅවි 3322 ගැන විශේෂ පරීක්ෂණයක්

කර්තෘ Sagarika Chathumali

20 Jan, 2015 | 4:46 pm

අද විවෘත කෙරුණු පෞද්ගලික ආරක්ෂක ආයතනයකට අයත් අවි ගබඩාවේ තබා ගැනීමට අවසර දී තිබූ ගිනිඅවි සංඛ්‍යාවෙන් ගිනිඅවි 3322ක් එම ස්ථානයේ නොතිබීම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මුද්‍රා තබා තිබූ පෞද්ගලික ආරක්ෂක ආයතනයකට අයත් අදාළ අවි ගබඩාව අද පෙරවරුවේ  පරීක්ෂා කෙරිණ.

රාජ්‍ය ආරක්ෂක  අමාත්‍යාංශය අදාළ ස්ථානයේ  ටී. 56 ගිනි අවි ඇතුළු ගිනි අවි 3473ක් තබා ගැනීමට අවසර දී තිබුණ ද අද කළ පරීක්ෂාවේදී එම ස්ථානයේ තිබී හමු වී ඇත්තේ, ගිනිඅවි 151ක් පමණි.

ඒ සම්බන්ධයෙන් පොලීසිය කළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ ආරක්ෂ සාමගමේ නිලධාරීන් පොලීසියට පවසා ඇත්තේ, ගිනිඅවි 3322ක් විවිධ රාජකාරී සඳහා නිකුත් කර ඇති බව ය.

පොලීසිය පවසන්නේ, එම ගිනි අවි නිකුත් කර ඇති ආකාරය සහ නිකුත් කර ඇති පතොරම් සම්බන්ධයෙන් තව දුරට ත් විමර්ශනය කරන බව ය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත අද මෙම අවි ගබඩාව පරීක්ෂා කෙරුණු අතර එම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම් සමන් දිසානායක මහතා ද සහභාගි විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]