ජෝර්දානයේ සේවය කළ ලාංකිකයින් 2ක් මරුට

ජෝර්දානයේ සේවය කළ ලාංකිකයින් 2ක් මරුට

ජෝර්දානයේ සේවය කළ ලාංකිකයින් 2ක් මරුට

කර්තෘ Sagarika Chathumali

18 Jan, 2015 | 7:44 am

ජෝර්දානයේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා සඳහන් කළේ, පවතින ශීත කාලගුණය හේතුවෙන් ඔවුන් සිය කාමරය තුළ ගින්දර දල්වා නින්දට ගොස් ඇති බව ය.

එහිදී කාමරය තුළ ඔක්සිජන් අඩුවීම හේතුවෙන් ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇති බව මංගල රණ්දෙණිය මහතා පැවසී ය.

මෙලෙස මිය ගොස් ඇත්තේ, කුරුණෑගල සහ කුලියාපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

ඔවුන්ගේ සිරුර දිවයිනට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ ය.

ඔවුන් දෙදෙනා නේවාසිකාගාරවලින් පිට වී පෞද්ගලික ස්ථානයක රැඳී සිට ඇති බව ද ඔහු පැවසී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]