මුහුදට කඩා වැටුණු Air Asia ගුවන් අනතුර පිළිබඳ නවතම හෙළිදරව්ව

මුහුදට කඩා වැටුණු Air Asia ගුවන් අනතුර පිළිබඳ නවතම හෙළිදරව්ව

මුහුදට කඩා වැටුණු Air Asia ගුවන් අනතුර පිළිබඳ නවතම හෙළිදරව්ව

කර්තෘ Sakila Udayakumara

13 Jan, 2015 | 1:08 pm

එයාර් ඒෂියා ගුවන් යානය අනතුරට ලක් වීමට පෙර ගුවනේදී ම පුපුරා ගොස් ඇතැයි විදෙස් බලධාරීන් නිගමනය කර තිබේ.

එම යානයේ කළු පෙට්ටිය ඊයේ දිනයේදී සොයා ගනු ලැබිණි.

එයාර් ඒෂියා ගුවන් යානයේ කළු පෙට්ටිය ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පිහිටි ප්‍රවාහන ආරක්ෂණ කමිටුවේ රසායනාගාරයකදී පරීක්ෂණයට ලක් කෙරෙන බව විදෙස් වාර්තා පවසයි.

විදෙස් වාර්තාවල දැක්වුණේ, යානයේ තාක්ෂණික දත්ත සටහන් උපකරණය සොයා මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මක බව ය.

එය ද කළු පෙට්ටිය සොයා ගත් ස්ථානය ආසන්නයෙන් සොයා ගත හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.

මීට සති 2කට පමණ පෙර උතුරු ජාවා මුහුදේදී එයාර් ඒෂියා ගුවන් යානය සංඥා පථයෙන් දුරස් වූ අතර පසුව එය කඩා වැටී ඇතැයි වාර්තා විය.

විදෙස් වාර්තා පැවසුවේ, ඉන්දුනීසියාවේ දෙවැනි විශාලතම නගරය වන සුරබයාහි සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබියදී අනතුරට පත් වූ යානයේ සිටි පුද්ගලයින් 162දෙනොම ජීවිතක්ෂයට පත් වූ බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]