මැතිවරණ කොමසාරිස්ට ආරක්ෂාව සපයමින් ගිය පොලිස් නිලධාරියෙක් මරුට

මැතිවරණ කොමසාරිස්ට ආරක්ෂාව සපයමින් ගිය පොලිස් නිලධාරියෙක් මරුට

මැතිවරණ කොමසාරිස්ට ආරක්ෂාව සපයමින් ගිය පොලිස් නිලධාරියෙක් මරුට

කර්තෘ Sagarika Chathumali

12 Jan, 2015 | 10:53 am

මහරගම, නාවින්න, ලෝලන්ස් හන්දිය ප්‍රදේශයේදී පොලිස් පෙර ගමන් යතුරු පැදියක් වෑන් රථයක ගැටීමෙන් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත් විය.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අද උදෑසන සිදු වූ එම අනතුරින් තවත් නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ය.

යතුරුපැදිය පාසල් වෑන් රථයක ගැටීමෙන් අද උදෑසන 6.30ට පමණ අනතුර සිදුව තිබේ.

තුවාල ලැබූ පොලිස් නිලධාරියා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව  පොලීසිය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]