මගීන් 162ක් සමග මුහුදට කඩා වැටුණු AirAsia යානයේ කළු පෙට්ටිය සොයා ගනී

මගීන් 162ක් සමග මුහුදට කඩා වැටුණු AirAsia යානයේ කළු පෙට්ටිය සොයා ගනී

මගීන් 162ක් සමග මුහුදට කඩා වැටුණු AirAsia යානයේ කළු පෙට්ටිය සොයා ගනී

කර්තෘ Sagarika Chathumali

12 Jan, 2015 | 6:37 am

පුද්ගලයින් 162 දෙනකු සමග ජාවා මුහුදුට කඩා වැටුණු AirAsia ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යානයේ කළු පෙට්ටිය මුහුදු පත්ලේ ගුවන් යානයේ සැකිල්ලට අයත් සුන්බුන් කොටස්වලට සිරවී  තිබෙන බව ය.

මීටර් 32 ක් පමණ ගැඹුරු මුහුදේ තිබෙන කළු පෙටිටිය සුන්බුන්වලට යට වී තිබීම හේතුවෙන් එය ගොඩට ගැනීමට කිමිදුම්කරුවන්ට අපහසු වනු ඇති බව ඉන්දුනීසියානු බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දුනීසියානු බලධාරීන් පැවසුවේ, අද දිනයේ කළු පෙට්ටිය ගොඩ ගැනීමට මෙහෙයුම් අරඹන බව ය.

කළු පෙට්ටිය ගොඩගැනීමෙන් අනතුරුව යානය අනතුරට පත්වීමට  නිශ්චිත හේතුවත්  නියමුවාගේ අවසන් වදන් හා යානයේ විවිධ දත්ත සටහන් සොයා ගැනීමට හැකිවනු ඇති.

ඉන්දුනීසියාවේ සුරබයා සිට සිංගප්පූරුව දක්වා පියාසර කරමින් තිබූ AirAsia ගුවන් යානය අනතුරට පත්වන විට එහි පුද්ගලයින් 162 දෙනෙක් සිටි අතර ඔවුහු සියලු දෙනාම මිය ගියහ.

කෙසේ වෙතත් මේ වන විට සොයාගෙන ඇත්තේ සිරුරු 48ක් පමණි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් යානයේ එන්ජිමේ අයිස් බැඳීම අනතුරට හේතුව බව ඉන්දුනීසියානු කාලගුණ බලධාරීහු මීට පෙර ප්‍රකාශ කළහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]