නිකවැරටියේ වෙඩි වැදීමකින් 6 හැවිරිදි දරුවෙකු මරුට

නිකවැරටියේ වෙඩි වැදීමකින් 6 හැවිරිදි දරුවෙකු මරුට

නිකවැරටියේ වෙඩි වැදීමකින් 6 හැවිරිදි දරුවෙකු මරුට

කර්තෘ Sagarika Chathumali

12 Jan, 2015 | 8:12 am

නිකවැරටිය, හුළුගල්ල ඇලියාව ප්‍රදේශයේදී වෙඩි වැදීමෙන් 6 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ, එම දරුවා තව ත් දරුවන් කිහිප දෙනෙකු සමග සෙල්ලම් කරමින් සිටියදී ඊයේ පස්වරුවේ වෙඩි වැදීම සිදුව ඇති බව ය.

එහි සෙල්ලම් කරමින් සිටි දරුවෙකුට මෙරට නිෂ්පාදිත තුවක්කුවක්  හමු වී ඇති අතර  එය උදුරා ගැනීමට යාමේදී දරුවාට වෙඩි වැදී තිබේ.

බරපතළ තුවාල ලැබූ දරුවා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය  පැවසී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]