තනතුරු සහ බලය අත්හැරීමට අධිෂ්ඨානයක් තිබිය යුතුයි – ජනපති

තනතුරු සහ බලය අත්හැරීමට අධිෂ්ඨානයක් තිබිය යුතුයි – ජනපති

තනතුරු සහ බලය අත්හැරීමට අධිෂ්ඨානයක් තිබිය යුතුයි – ජනපති

කර්තෘ Chathuranga Rajapaksha

12 Jan, 2015 | 10:24 pm

නව රජයේ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 45 දෙනෙකු  අද දිවුරුම් දුන්නේය.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී ය.

උත්සවය පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.

දිවුරුම් දීමෙන් අනතුරුව උත්සව සභාව ඇමතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ පැවසීය.

[quote]මේ පත් කළ අමාත්‍ය මණ්ඩලය අපි දින 100ක වැඩපිළිවෙළක් සඳහා අපේ තාවකාලික වැඩපිළිවෙළක් අපි ඊළඟට දින 100යේ වැඩපිළිවෙළින් පසුව මහ මැතිවරණයකට ගොස් පිහිටවන ආණ්ඩුව තමයි ස්ථීර අමාත්‍ය මණ්ඩලයක් සමග අපේ මැතිවරණ ප්‍රකා‍ශනයේ සඳහන් ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ඒ වගේම දින සීයේ වැඩපිළිවෙළ තුළ තවත් දීර්ඝව කළ යුතු කාර්යයන් කිරීම සඳහා අපි ඒ වගකීම රටේ ජනතාවගෙන් භාර අරගෙන තිබෙනවා. බෞද්ධයෙක් විදියට කියන්නේ විශේෂයෙන්ම තනතුරු සහ බලය සැමවිටම අත්හැරීමට තමන්ගේ සිතෙහි අධිෂ්ඨානයක් තියෙන්න‍ට ඕනේ. මම සෞඛය අමැතිකම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්කම මගේ ඔලුවේ තියාගෙන මම ඒ දෙකට ආසාවෙන් මම අත්හැරි‍යේ නැත්නම් මම තාමත් එහෙනම් එතනනේ. බලය තනතුරු අත්හැරිය යුතුයි කියලා ප්‍රතිපත්ති තීරණයක් අනුව ඒවා අත්හැරියා ඒ කරලා ජනතාව අතරට ගියාම ඊට වඩා වගකීමක් පොදු මහජනතාව ලබා දුන්නා.[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]