ජනාධිපතිවරණය වෙනුවෙන් වසා තිබූ පාසල් අද සිට යළි විවෘතයි

ජනාධිපතිවරණය වෙනුවෙන් වසා තිබූ පාසල් අද සිට යළි විවෘතයි

ජනාධිපතිවරණය වෙනුවෙන් වසා තිබූ පාසල් අද සිට යළි විවෘතයි

කර්තෘ Sagarika Chathumali

12 Jan, 2015 | 7:39 am

ජනාධිපතිවරණය හේතුවෙන් වසා තැබූ පාසල් අද සිට යළි විවෘත කෙරෙයි.

පසුගිය 7, 8 සහ 9 යන දින තුන සියලු ම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වසා තැබුවේ ජනාධිපතිවරණ රාජකාරී සඳහා විදුහල්පතිවරුන් හා ගුරුවරුන් මෙන් ම පාසල් ගොඩනැගිලි රැසක් යොදා ගැනීම හේතුවෙනි.

ඊට අමතරව සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සිදු කළ පාසල් ද අද විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසී ය.

මේ අතර ශුද්ධෝත්තම පියතුමන්ගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදා ගනු ලබන ‍පොලිස් නිලධාරීන් සඳහා නේවාසික පහසුකම් ලබාදෙන පාසල් අද සිට ලබන 15 වන දා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එසේ වසා තබන පාසල් ලැයිස්තුව මෙසේ ය.

කුරුඳුවත්ත පොලිස් වසමට අයත් පාසල්

රාජකීය විද්‍යාලය
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය
තර්ස්ටන් විද්‍යාලය
ඩී.එස්. සේනානායක විද්‍යාලය

කොල්ලුපිටිය පොලිස් වසමට අයත් පාසල්

මහානාම විද්‍යාලය
ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය
ශාන්ත මරියා බාලිකා විද්‍යාලය

බම්බලපිටිය පොලිස් වසමට අයත් පාසල්

විශාකා විද්‍යාලය
ලුම්බිණි විද්‍යාලය
ශාන්ත පාවුලු විද්‍යාලය
හින්දු පිරිමි විද්‍යාලය
ශාන්ත මරියා විද්‍යාලය

නාරාහේන්පිට පොලිස් වසමට අයත් පාසල
ඉසිපතන විද්‍යාලය

බොරැල්ල පොලිස් වසමට අයත් පාසල්

කන්නන්ගර විද්‍යාලය
බණ්ඩාරනායක විද්‍යාලය
සුසමය වර්ධන විද්‍යාලය
සංඝමිත්තා බාලිකා විද්‍යාලය
රත්නාවලී බාලිකා විද්‍යාලය

කොටහේන පොලිස් වසමට අයත් පාසල්
කොටහේන කුමාර විද්‍යාලය
ගුණානන්ද විද්‍යාලය
ජනාධිපති විද්‍යාලය

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් පාසල්

ශාන්ත ජෝශප් පිරිමි විද්‍යාලය
විජයබා විද්‍යාලය
ශාන්ත අන්තෝනි සිංහල විද්‍යාලය
ශාන්ත අන්තෝනි දෙමළ විද්‍යාලය
බ්ලූමැන්ඩල් සිංහල විද්‍යාලය
අල් අසාර් විද්‍යාලය
බ්ලූමැන්ඩල් දෙමළ විද්‍යාලය
ජයන්ති විද්‍යාලය

දෙමටගොඩ පොලිස් වසමට අයත් පාසල්
හේමමාලී බාලිකා විද්‍යාලය
ඥානවිමලාරාම පිරිවෙන

මාලිගාවත්ත පොලිස් වසමට අයත් පාසල්
බාරොන් ජයතිලක විද්‍යාලය
රාජසිංහ විද්‍යාලය

මරදාන පොලිස් වසමට අයත් පාසල්
ආනන්ද විද්‍යාලය
අශෝක විද්‍යාලය
මහාබෝධි විද්‍යාලය
විහාර මහාදේවි බාලිකා විද්‍යාලය
සංඝරාජ විද්‍යාලය
ආනන්ද බාලිකා විද්‍යාලය
ගෝතමී බාලිකා විද්‍යාලය
ක්ලිප්ටන් බාලිකා විද්‍යාලය,

කොම්පඤ්ඤවීදිය පොලිස් වසමට අයත් පාසල්

හෝලි රොසරි සිංහල විද්‍යාලය
හෝලි රොසරි දෙමළ විද්‍යාලය
සාරිපුත්ත විද්‍යාලය
ටී.බී. ජයා විද්‍යාලය
අල් ඉක්බාල් විද්‍යාලය

යන පාසල් ශුද්ධෝත්තම පියතතුමන්ගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් වසා තැබෙන බවයි.

මෙම සියලු ම පාසල් ලබන 16 වැනි දින නැවත විවෘත කෙරෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]