ජනපති අද රාජකාරී අරඹයි

ජනපති අද රාජකාරී අරඹයි

ජනපති අද රාජකාරී අරඹයි

කර්තෘ Sagarika Chathumali

12 Jan, 2015 | 7:07 am

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  නිල වශයෙන් අද ජනාධිපති ලේකම්  කාර්යාලයේදී රාජකාරී ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා පැවසුවේ, අද පෙරවරුවේ එම කටයුතු සිදු කිරීමට නියමිතව ඇති බව ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ මහනුවර ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රයේ සිට ජාතිය ඇමතුවේ ය.

පසුගිය 8 වන දා පැවති ශ්‍රී ලංකාවේ 7 වැනි ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත් මෛත්‍රීපාල සිරිසේන මහතා 9 වන දා පස්වරුවේ ශ්‍රී ලංකාවේ 6 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]