ප්‍රේමලාල් ජයසේකර රක්ෂිත බන්ධනාගාරයට

ප්‍රේමලාල් ජයසේකර රක්ෂිත බන්ධනාගාරයට

ප්‍රේමලාල් ජයසේකර රක්ෂිත බන්ධනාගාරයට

කර්තෘ Sakila Udayakumara

10 Jan, 2015 | 4:17 pm

මැතිවරණ සමයේ කහවත්ත ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඔහු අද කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව ය.

කහවත්ත ප්‍රදේශයේ දේශපාලන රැළියක සැරසිලි කරමින් සිටි පිරිසකට කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගියේ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, සැකකාර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අද අලුයම අත්අඩංගුවට ගත් බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]