රුපියල් මිලියන දහසක් ඉල්ලා මෛත්‍රීපාල පාර්ශවයෙන් ස්වාධීන රුපවාහිනියට එන්තර වාසියක්

රුපියල් මිලියන දහසක් ඉල්ලා මෛත්‍රීපාල පාර්ශවයෙන් ස්වාධීන රුපවාහිනියට එන්තර වාසියක්

රුපියල් මිලියන දහසක් ඉල්ලා මෛත්‍රීපාල පාර්ශවයෙන් ස්වාධීන රුපවාහිනියට එන්තර වාසියක්

කර්තෘ Chathuranga Rajapaksha

03 Jan, 2015 | 9:14 pm

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කීර්ති නාමයට හා මැතිවරණ ව්‍යාපාරයට සිදුවූ බලපෑම් මත පදනම් ව ස්වාධීන රූපවාහිනියට, එහි අධ්‍යක්ෂ මණ්ඩලයට හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ප්‍රවෘත්ති සුදර්මන් රදලියගොඩ මහතාට රුපියල් මිලියන 1000ක සාධාරණ තක්සේරුවක් යටතේ එන්තරවාසි යවා තිබේ.

ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මාධ්‍ය සම්බන්ධීකාරකවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාට හානි වන අයුරින් ස්වාධීන රුපවාහිනියේ ඉකුත් 30 සහ 31 දෙ‍දින රාත්‍රී 7 සිංහල ප්‍රවෘත්ති විකාශය කර ඇති බව ය.

ඉකුත් 30 වන දා රාත්‍රී 7ට විකාශය වූ ප්‍රවෘත්තියට අනුව “යහපාලනය ගැන කතා කරන විපක්ෂයේ සිරිසේන මහතාගේ යසපාලන ජීවිතයේ අනියම් සබඳතා ගැනත් තොරතුරු හෙළිදරව් වේ” යනුවෙන් නිවේදකයා පවසා ඇතැයි එම නිවේදනයේ සඳහන් ය.

මෙය කිසිඳු පදනමකින් තොරව සහ වග විභාගයකින් තොරව සාවද්‍ය ප්‍රවෘත්ති විකාශය කිරීමක් බව ත්, ඒ අනුව නීතිඥ නිමල් රාජපක්ෂ මහතා එකී එන්තරවාසිය යවා ඇති බවත් එහි සඳහන් ය.

එන්තරවාසිය යොමු කළ 16 දෙනා අදාළ රුපියල් මිලියන 1000ක මුදල එක්ව හෝ වෙන් වෙන් වශයෙන් අද සිට දින 14ක් ඇතුළත ගෙවිය යුතු යැයි දන්වා ඇති බව ද නිවේදනයේ දැක්වේ.

ඊට අපොහොසත් වුවහොත් එම මුදල ත්, ඊට අදාළ නෛතික පොළිය හා නඩු ගාස්තු අය කර ගැනීම සඳහා නඩු පවරන්නේ යැයි නීතිඥවරයා අවධාරණය කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]