JUST IN : මෛත්‍රීපාල සමග එක් වූ වයඹ මන්ත්‍රීගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

JUST IN : මෛත්‍රීපාල සමග එක් වූ වයඹ මන්ත්‍රීගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

JUST IN : මෛත්‍රීපාල සමග එක් වූ වයඹ මන්ත්‍රීගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

කර්තෘ Sagarika Chathumali

03 Jan, 2015 | 7:17 am

වයඹ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් වෙඩරුව මහතාගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රී 11.50ට පමණ එම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව ය.

සිද්ධිය වන අවස්ථාවේ වෙඩරුව මහතා නිවසේ සිට නොමැති බව ද ඔහු සඳහන් කළේ ය.

පොලීසීය පැවසුවේ, ප්‍රහාරයෙන් නිවසේ මුකරු තුවාල ලබා ඇති අතර ඔහු මේ වන විට ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති බව ය.

ඔයඹ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් වෙඩරුව මහතා ඊයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට එක් විය.

මෙය දේශපාලන හේතුවෙක් මත සිදු වූයේ ද යන්න පිළිබඳව සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසී ය.