මෛත්‍රීගේ පැල්මඩුල්ලේ රැළියට පහර දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

මෛත්‍රීගේ පැල්මඩුල්ලේ රැළියට පහර දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

මෛත්‍රීගේ පැල්මඩුල්ලේ රැළියට පහර දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

කර්තෘ Sakila Udayakumara

03 Jan, 2015 | 9:22 am

පැල්මඩුල්ල ප්‍රදේශයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ රැළියකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලිස් මූලස්ථානය පවසයි.

පැල්මඩුල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිටදී ඊයේ එම රැළිය පැවැත් වුණේ, විපක්ෂයේ දේශපාලන නායකයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි.

ප්‍රහාරයෙන් අනතුරුව විදුලිය විසන්ධි වීමක් ද සිදුව තිබේ.

අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]