මැතිවරණ කාර්යාල කිහිපයකට ප්‍රහාර

මැතිවරණ කාර්යාල කිහිපයකට ප්‍රහාර

මැතිවරණ කාර්යාල කිහිපයකට ප්‍රහාර

කර්තෘ Sakila Udayakumara

03 Jan, 2015 | 1:08 pm

පොළොන්නරුව, අරලගංවිල ප්‍රදේශයේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ කාර්යාල කිහිපයකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, බෝගස්හන්දිය, මැදගම,යාය හත අරලගංවිල පරණ පොළ ස්ථානය ඇතුළු ප්‍රදේශ 6ක කාර්යාලවලට අද අලුයම කිසියම් පිරිසක් අලාභහානි සිදු කර ඇති බව ය.

මේ අතර, ඊයේ රාත්‍රී 11.00ට පමණ මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ කාර්යාලයට ද කිසියම් පිරිසක් හානි සිදු කර තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, එහි තිබූ යතුරුපැදි දෙකකට සහ පාපැදි දෙකකට හානි සිදුව ඇති බව ය.

පැමිණි පුද්ගලයින් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර කාත්තන්කුඩි පොලීසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]