ජනාධිපතිවරණය විහිළුවකට ගන්න එපා – ජනපති කියයි (VIDEO)

ජනාධිපතිවරණය විහිළුවකට ගන්න එපා – ජනපති කියයි (VIDEO)

කර්තෘ Chathuranga Rajapaksha

03 Jan, 2015 | 7:34 pm

ඇතැම් පිරිස් ජනාධිපතිවරණය විහිළුවකට ගෙන ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද පෙරවරුවේ ගිනිගත්හේන නගරයේ පැවති ජන රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය.

ජනාධිපතිවරයාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධාන කරන ප්‍රධාන ජන රැළි මාලාවේ තවත් රැළියක් ලෙස අද පෙරවරුවේ එම ජන රැළිය පැවැත්විය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

[quote]මේ කට්ටිය පොඩි සංදර්ශනයක් කරනවා හැමදාම. එක එක දවසට එක එක ඒවා. දැන්‍ මේ ළඟදී රාත්‍රීයේ ගල් ගැහුවා කියලා. ගල් දෙකක් එහෙන් මෙහෙන් දාගෙන කාටවත් වැදුණේ නැහැ. අපේ එකෙක් ගැහුවානම් ගල ගහනවානේ හරියටම මේක ඇවිල්ලා ස්ටේජ් එකට ගලක් වැටුණායි කියලා ලොකු දෙයක්. තව ටික දවසකින් මොනවා කර ගනීද දන්නේ නැහැ. මේක ජනාධිපති මැතිවරණයක් විහිළුවක් නෙවෙයි. මේක විහිළුවකට ගන්න එපා කියන ඉල්ලීම විතරක් මම ඒ මගේ හිටපු ලේකම්ට කියනවා. [/quote]

එහිදී තලවකැලේ, ලිඳුල නගර සභාවේ විපක්ෂ නායක එල්. භාරතදාසන් මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයන් පිරිසක් ජනාධිපතිවරයාට සහය පළ කරමින් වේදිකාවට පිවිසියේය.