අමෙරිකාව උතුරු කොරියාවට නව සම්බාධක පනවයි

අමෙරිකාව උතුරු කොරියාවට නව සම්බාධක පනවයි

අමෙරිකාව උතුරු කොරියාවට නව සම්බාධක පනවයි

කර්තෘ Sakila Udayakumara

03 Jan, 2015 | 10:57 am

අමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ සිනමා සමාගමකට සයිබර් ප්‍රහාර එල්ල කිරීමේ චෝදනා මත අමෙරිකාව උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පනවා තිබේ.

බී.බී.සී. ලෝක සේවය සඳහන් කළේ, ඊට අදාළ විධායක ආඥාවට ජනාධිපති බැරැක් ඔබාමා ඊයේ අත්සන් තබා ඇති බව ය.

මේ යටතේ උතුරු කොරියානු සංවිධාන 3කට සහ පුද්ගලයින් 10 දෙනෙකුට එරෙහිව සම්බාධක පනවා තිබේ.

එම සංවිධාන අතරට උතුරු කොරියාවේ ප්‍රධාන බුද්ධි සංවිධානයක්, අවි ආයුධ නිෂ්පාදන සමාගමක් හා ආරක්ෂක පර්යේෂණවල නිරත සංවිධානයක් ද ඇතුළත් ය.

න්‍යෂ්ටික වැඩසටහන් මුල් කර ගනිමින් අමෙරිකාව මීට පෙර උතුරු කොරියාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවූ අතර ධවල මන්දිරය පැවසුවේ, උතුරු කොරියාවේ කුපිත කරවන සුළු ක්‍රියාවලට ප්‍රතිචාර වශයෙන් නව සම්බාධක පැනවූ බව ය.

අමෙරිකානු සමාගමකට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් මුල් කර ගනිමින් අමෙරිකාව රටකට එරෙහිව දඬුවම් කරන ලද පළමු අවස්ථාව මෙය බව ඒජන්සි වාර්තා සඳහන් කළේ ය.

අමෙරිකානු එෆ්.බී.අයි. සංවිධානය සහ ජනපති ඔබාමා පැවසුවේ, අමෙරිකානු සිනමා සමාගමකට එල්ල වූ සයිබර් ප්‍රහාරය පිටුපස උතුරු කොරියාව සිටින බව ය.

කෙසේ වෙතත් උතුරු කොරියාව මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]