English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
31 Dec, 2014 | 8:14 pm
රජය යම් වරදක් කර ඇත්නම් ඊට කැබිනට් මණ්ඩලයේ සියලු ඇමතිවරුන් ද ඊට වගකිව යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
[quote]වැරදි කරානම් මේ වැරදි වලට සිරිසේන වගකියන්න ඕන නැද්ද. මේ ආන්ඩුව වැරදි කරානම් ඒකට හැම කැබිනට් ඇමතිවරයෙක්ම සාමුහීකව වගකියන්න ඕනයි කියලා පැහැදිලිව අපි කියනවා. අපි ඇමතිවරු කෙරෙහි විශ්වාසය තියලා තියෙනවා. ඒ දැඩි ඕනාවට වඩා විශ්වාසය තිවුවාමත් තියෙන වැරැද්ද දැන් මට පේනවා[/quote]
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, ඊයේ සවස මිනුවන්ගොඩ පැවති රැස්වීමක් අමතමිනි.
ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධාන කරන ප්‍රධාන ජන රැළි මාලාවේ 19 වැන්න ලෙස මෙය පැවැත් විණ.
සිය විපක්ෂ නායක ධුරය රැක ගැනීම රනිල් වික්‍රමසිංහගේ එකම අරමුණ වන බව ද ජනාධිපතිවරයා එහිදී පැවසී ය.
[quote]අද මේ මැතිවරණය එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් වෙලා නැහැ. තමන්ගේ විපක්ෂ නායක කම රැකගන්න විතරයි රනිල් වික්‍රමසිංහට ඕන. මොක ද මම දන්නවානේ එයාව, කෝපි එකක් දුන්නාම ඔක්කොම හරි. [/quote]
සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ, රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී, ඔලිම්පික් පදක්කම් ලාභී මලල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ, වයඹ පළාත් ප්‍රධාන දයාසිරි ජයසේකර, සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක යන මහත්ම මහත්මීහු ද එම රැළිය අමතමින් අදහස් පළ කළහ.
09 Feb, 2019 | 08:36 PM
05 Feb, 2019 | 05:44 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS