රටේ තියෙන්නේ ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගන්න ආණ්ඩුවක් – මෛත්‍රීපාල සිරිසේන (VIDEO)

රටේ තියෙන්නේ ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගන්න ආණ්ඩුවක් – මෛත්‍රීපාල සිරිසේන (VIDEO)

කර්තෘ Chathuranga Rajapaksha

25 Dec, 2014 | 5:48 pm

ආණ්ඩුව ජනතාවට සහන දෙන්නේ ඡන්දය මංකොල්ලකෑමේ අරමුණින් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ කැස්බෑවේ පැවති ජනහමුකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

[quote]මේ රටේ ඉහළ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සියලුදෙනා බිය ගන්වලා ව්‍යාපාරිකයින්ගේ සම්පූර්ණෙන්ම ව්‍යාපාර නිදහස නැති කරලා කප්පන් ගන්න ආණ්ඩුවක් බවට මෙ ආණ්ඩුව පත්වුණා. රටේ දේශීය කෘෂිකර්මාන්තය ඇතුළු දේශීය නිෂ්පාදන විනාශ කරලා පිටරටින් බහු ජාතික සමාගම් වලින් සියලු දේවල් මේ රටට ගේන්න කටයුතු කළා . අද ජනතාව තේරුම් අරගෙන තියෙනවා . සියල්ලම කළේ වැය කිරීම 3න් ‍එකයි , ඇස්තමේන්තුවේ 3න් 2ක් සාක්කුවට දාගන්නවා හොරකමට හදලා . සියලු සහන අද ජනතාවට දෙන්නේ ජනතාව නොමග යන්න ඡන්ද මංකොල්ලයක් තනන්න. අද ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් , තමුන්නාන්සේලා දන්නවා මොනතරම් ගම්වලට බඩු බෙදනවද කියලා . ආර්ථික සංවර්ධන නිලධාරීන් ,සමෘද්ධි නිලධාරීන් , ග්‍රාම නිලධාරීන් අද සම්පුර්ණෙන්ම මැතිවරණවලට ජනතාවට ඡන්ද සඳහා අල්ලස් දෙන්න තමයි ඒ අය පාවච්චි කරන්නේ.[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]