මෛත්‍රීපාල සිරිසේන මිලියන 2500ක වන්දියක් ඉල්ලා තිස්ස අත්තනායකට එන්තරවාසියක් යවයි

මෛත්‍රීපාල සිරිසේන මිලියන 2500ක වන්දියක් ඉල්ලා තිස්ස අත්තනායකට එන්තරවාසියක් යවයි

කර්තෘ Chathuranga Rajapaksha

25 Dec, 2014 | 9:28 pm

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා, තිස්ස අත්තනායක මහතා වෙත රුපියල් මිලියන 2500ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබේ.

ව්‍යාජ අත්සනක් සහිත ගිවිසුමක පිටපතක් සැකසීම හා ජනමාධ්‍ය භාවිත කරමින් ව්‍යාජ ලේඛනයක් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් ඇති වූ අපහසුතාවය හේතුවෙන් එම එන්තරවාසිය යොමු කර ඇතැයි මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් ය.

අදාළ එන්තරවාසියේ දැක්වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග නොවැම්බර් 01 වන දා කිසිඳු ගිවිසුමකට මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා නොමැති බව ය .

තිස්ස අත්තනායක මහතා මාධ්‍ය සාකච්ඡාවකදී ඉදිරිපත් කළ ගිවිසුමක පිටපත, ව්‍යාජ පිටපතක් බව ද ඔවුන් පෙන්වා දෙන්නේය.

දේශලපාලන පැවැත්ම වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ව්‍යාජ ලේඛනය ඉදිරිපත් කිරීමට තිස්ස අත්තනායක මහතා පියවර ගෙන ඇති බව ත්, අත්තනායක මහතාගේ වත්මන් දේශපාලන නායකයා තෘප්තිමත් කිරීම එහි අරමුණ බවත්  එම එතරවාසියෙන් පෙන්වා දී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]